Pages

ජංගම දුරකථන අලුත්වැඩියාව මුල සිට


Mobile Phone Repair  (ජංගම දුරකථන අලුත්වැඩියාව)



ජංගම දුරකථන අලුත්වැඩියා  කිරීම මුල සිට සරලව මෙම පාඩම් මාලාව මගින් ඉදිරිපත් කරනවා   


අපට ජංගම දුරකතනයක් අලුත්වැඩියා කරගැනීමට අවශ්‍ය වන උපකරණ (Tools)  මම මුලින්ම පෙන්නලාදෙන්නම්  ජංගමදුරකතනයකා දෝෂ නිරාකරණය  කිරීමට අවශ්‍ය උපකරණ රාශියක් තියනවනේ අපි ඒ උපකරණ භාවිතා කරන ආකාරය දන සිටීම වැදගත් මොකද කොයි දේටත් කලින් සෙප්ටි පස්ට්
අපි දුරකථන අලුත් වැඩිය කිරීමට අනිවාර්යෙන්ම හොද මනසක් තියාගන්න ඕනේ නැත්නම් කලබලේට හදිස්සියේ කරන්න බෑ මොකද හදන්න නෙමෙයි කඩල අපහු දීල කස්ටමර් ගෙන් ගුටිකන්නි වෙන්නේ





*අපි මුලින්ම උපකරණ හදුනාගනිමු 





*. Tool Set දුරකතනයක් ගැලවීමට යොදාගන්නේ මේවගේ ටූල් . විවිධාකාර ටූල්ස් අපට ලබාගන්න පුළුවන් 
screw Driver (Philip screw driver/flat screw driver/Allen screwdriver ) 


All In one Tools Set 
I phone Opening Tools

















01. Tools වර්ග හදුනාගමු . මේ උපකරණ භාවිතා කරන විදිහ මොනවටද බහවිත කරන්නේ දැනගැනීම අනිවාර්යයි


Screwdriver
* Screwdriver අපිට දුරකතනයක් ගලවා  ගැනීමට අවශ්‍යම උපකරණ තමයි  Screwdriver කියන්නේ
මේවගෙන් හොද නිෂ්පාදන වන්නේ Baku/Yaxun/Best/Goot/lukey 
 මේවගේ තවත් හොද ටූල්ස් නිෂ්පාදන තියෙනවා මන් ඒවගෙන් ටිකක් මේ පෙන්නුවේ


Plastic Opening Toll 



*  මේ ප්ලාස්ටික් ඔපනර් ටූල් මෙවගනේ තමයි දුරකතනයක් පලුදු නොකර ගලවන්නේ මේවගෙන් එකක්
   සාමාන්යෙන් වෙළද පොලේ රු 50/= වගේ මිලකට ගන්න පුළුවන් .මීට අමතර ස්ටීල් ඔපනින්ග් ටූල්ස්
   තියෙනවා . අපිට අවශ්‍ය ආකාරයට අවශ්‍ය ටූල්ස් ගන්න පුළුවන් සාමන්යෙන් මේ ටූල්ස් රු 50/ ඉදන් රු 2000 /= දක්වා ගන්න පුළුවන් . මේවත් Tool Set වශයෙන් ගන්න පුළුවන්





* තව අපිට ඕනේ වෙනවා මේවගේ Board Holder එකක් අපි PCB Board එකක් මේ බෝර්ඩ් හෝල්ඩර් එකෙන් සවිකරලා අලුත් වැඩිය කරන්න ගන්න පුළුවන් ඒ මගින් අපිට සියුම් දෙයක් කරන්න පහසු වෙනවා . මොකද කිව්වොත් දුරකථන අලුත්වැඩියාව කියන්නේ ඉතා සියුම් දෙයක් . මේවගේ Holder එකක් අපිට වෙළදපොලෙන් රු 300/= සිට රු 800/= දක්වා වගේ ගන්න පුළුවන් අපිට අවශ්‍ය ආකාරයට .



Tweezers



* Tweezer මේ ටූල්ස් අපිට ගොඩක් වැදගත් වෙනවා මොකද සියුම් දෙයක් අල්ල ගන්න ට්විසර් අපිට ගොඩක් වැදගත් වෙනවා . හොද ට්විසර් එකක් රු 200/= සිට රු 500/= විතර වෙනකන් අපිට ගන්න පුළුවන් . අපි ට්විසර් එකක් මිලදීගන්නකොට හොදට පරික්ෂා කරලා ගන්න ඕනේ මොකද අපි ට්විසර් එකක් ගන්නේ ගොඩක් සියුම් දෙයක් කරන්න එකට ගැලපෙන විදියට තෝරාගන්න ඕනේ ශක්තිමත් බැවින් වැඩි සියුම් දෙයක් පහසුවෙන් අල්ලාගැනීමට පුළුවන් පරිදි . මේවත් Tool Set වශයෙන් ගන්න පුළුවන්




Stainless-Steel-Precision-Mini-Pliers-Micro-Nipper-Flush-Wire-Cutter-for-Trimming


*  මේ තියෙන්නේ වයර් කටර් එකක් වයර් මේක Micro Cutter එකක් එකියන්නේ අපේ සියුම් වැඩ කරන්න තමයි මේ ටෝල්ල් එක භාවිත කරන්නේ මේවගේ එකක් රු 350/= සිට 650/= විතර වෙනකන් වෙළදපොලෙන් ගන්න පුළුවන් එකත් තොරගන්නකොට හොදට පරික්ෂා කරල තමයි ගන්න ඕනේ





* තව අපිට ඕනේ වෙනවා ටූත් බ්‍රෂ් එක Smooth  වෙන්න ඕනේ එකනම් අපිට සිල්ලර කඩේකින් ගන්න පුළුවන් රු 40/= වෙනකොට .මේක අපි යොදාගන්නේ දුරකතනයක කුණු දුහුවිලි ඉවත් කරගැනීමට
Smooth එකක් ගන්නේ දුරකතනයක් කියන්නේ සියුම් දෙයක් පරිපථයේ සියුම් දෙකට හානි වුවත් දෝෂය සොයාගැනීමට අපහසු වෙන්න පුළුවන්

Digital Multimeter
* Multimeter අපිට ඕනේ වෙනවා තව මල්ටි මීටරයක් මල්ටිමිටර් වර්ග දෙකක් තියෙනවා එකක් Analog අනික Digital
අපිට පහසු මල්ටිමිටරයක් අපි තෝරාගන්න ඕනේ මේවගේ එකක් වෙලදපොලේ රු 650/= සිට රු 1500/  විතර වෙනකන් තියෙනවා . අපිට සාමාන්යෙන් රු 1000/= අසන්න එකක් තිබුනම හොදටම ඇති .
 Digital එකේනම් Battery එකක් නැතුව වැඩ කරන්න බැහැ 
 එත්Analog එකේනම් current එක චෙක් කරන්න පුළුවන්  Battery එකක් නැතුව 






* ඉතින් මේ ටූල් එක ගන්නේ මොකටද කියල දන්නවනේ මේකත් බ්‍රෂ් එකක් මේවගේ එකක් අපි ගන්නේ
   ටූත් බර්ෂ් එකත් ස්මූත් උනාට එකත් වැඩි වෙන වෙලාවල් එනවනේ අනික ටූත් බ්‍රෂ් එකෙන් හැමතැනම
   තියන දුහුවිලි ඉවත් කරන්න බැහැනේ ඉතින් මේවගේ බ්‍රෂ් එකක් තියෙන එක හොදයි .



*  මේක Blower එකක් පුංචි මේවගේ එකක් ගන්න පුළුවන් අපට වෙළදපොලෙන් Cleaning Kit එකක් එක්කම මේකත් ටූල් සෙට් එකක් විදියට ගන්න පුළුවන් රු 350/= සිට 800/=විතර වෙනකම් Cleaning Kit
තියනවා ගන්න . මේකෙන් පුළුවන් දුහුවිල්ල ඉවත් කරන්න බ්‍රෂ්/පිසදමන භාවිත කරන්න බැරි වෙලාවට බ්ලොවර් එක යොදාගන්න පුළුවන්



Magnifirer Lamp


* Magnifier Lamp මේ මොකද්ද මේ මේක  Lamp Shed එකක් මේකේ light එකක වගේම Magnifier Glass  එකක්
  තියෙනවා එකෙන් අපිට ආලෝකය වගේම මේ වීදුරුවෙන් විශාල කරලා බලන්න පුළුවන් 5x/10x විදියට දෙවිදියකට . මේවගෙන් එකක්  රු 700/= සිට 15000/= විතර වෙනකම තියෙනවා . හපෝ රු 700/= විතර එකක් තිබුනම හොදටම ඇති අලුතෙන් වැඩ පටන් ගන්න කෙනෙකුට . මේකෙත් දෙකක් තියෙනවා
LED Light තියන එකක් අනික තම  Tube Light  . LED  තියන එකේ කරන්ට් එක ඉතුරු කරනවා එකත් අවශ්‍ය විදියට තොර ගන්න පුළුවන්
* දුරකතනයක් අලුත්වැඩියා කරන්න අනිවාර්යෙන්ම ආලෝකය වැඩිපුර අවශ්‍ය වෙනවා 

















 DC Power Supplyමේක තමා Power Supply එක. මේකෙන් දුරකතනයක දෝෂ හදුනාගන්න පුළුවන් .දුරකථනය නිවැරදි ආකාරයට වැඩකරනවද නැද්ද මේ උපකරණයෙන් අපට බලගන පුළුවන් . සාමාන්යෙන් මේවගේ එකක්
 රු 1500/= ඉදන් රු 3500/= විතර වෙනකම් අපිට ගන්න පුළුවන් . මේ උපකරණය භාවිත කරන්න මන් වෙන පොස්ට් එකකින් කියල දෙන්නම් .මේකෙත්  Analog/Digital කියල වර්ග දෙකක් තියෙනවා මල්ටි එකක් ගන්නත් පුළුවන් තව RF (Radio Frequency ) එක තියන ඒවත් තියෙනවා













*Hot  Gun (SMD Rework Station/Soldering Station)  .මේ තියෙන්නේ Hot  Gun එක (SMD Rework Station/Soldering Station)  මේවගේ නම්වලිනුත් හදුන්වනවා .( SMD- surface mount device) මේකෙත්  Digital/ Analog කියල වර්ග දෙකක් තියෙනවා 
සාමාන්‍ය හොද  Analog  එකක් රු 5500/= විතර ඉදන් තියෙනවා .සාමාන්‍ය හොද Digital එකක්
රු 9000/= විතර වෙනව . මෙවගෙනුත් දැනට භාවිතයට පහසු දිගුකල් භාවිත කරන්න පුළුවන් නිෂ්පාදන තියෙනවා ඒවගෙන් දැනට මේ කාලයේ ප්‍රසිද්ද නාමයක් වන්නේ Lukey / Baku / Yaxune . මෙවගේත්
මොඩෙල් තියෙනවා බහවිතයට පහසු Lukey 852D+  කියන්නේ ඒවගේ හොද තත්වයේ HotGun එකක්
මේවගේ Fan Model / Turbo fan . fan model  එකේ හොට ගුණ එකේම එළියෙන් Fan   එක තියෙන්නේ
Turbo fan  එකේ BOX  එක ඇතුලේ Fan  එකක් තියෙන්නේ එක බටයක් දිගේ තමයි Hot Gun එකට එන්නේ මේ දෙකෙන් බටේ තියන Turbo Fan Model එක තමයි හොද . ඊට හොද උදාහරණයක්
 Lukey 852D+   Rework Stataion එක  මේක සාමාන්යෙන් රු 9000/= විතර වෙනවා ඒ වගේම  Digital 
එකක් තමයි මේක  දැනට බහුලව භාවිත වෙන සොල්ඩරින්ග් ස්ටේටන් එකක් . එකෙන්ත් Lucky 852/852D/852D+  Model 3ක් තියෙනවා ඒ අතරින් Lukey 852D+  තමයි හොද එක වෙන්නේ




* Soldering Tip නොහොත් Bit .  Soldering Gun  එකට අපිට ඕනේ කරනවා මේවගේ  Bit .
   Bit වර්ගත් අපට අවශ්‍ය පරිදි සපයාගන්න පුළුවන් . සාමාන්යෙන් Bit  එකක් රු 200/= සිට 1000/= විතර වෙනකන් තියෙනවා  .
* නිතරම Soldering Tip එක පිරිසිදුව තබාගන්න ඕනේ . එමගින් බිට් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් 


* Bit Cleaner Sponge  මේකෙන් තමයි soldering Bit  එක පිරිසිදු කරන්ගන්නේ මේ ස්පොන්ජ් එක භාවිත කරන්නේ ජලය ස්වල්පයක් ඒ මතට යොදල තමයි . මේ ස්පොන්ජ් එකක් රු 50/- සිට 100/= විතර
 වෙනකම් මිලදීගන්න පුළුවන්




* Soldering Flux  Solder/Re-solder කිරීමේදී යොදා ගන්න ද්‍රව්‍ය මේවගේ flux up  එකක් රු 150/= සිට 
රු 500/= විතර වෙනකන් ගන්න පුලුවන්




*  කොයිල් කම්බි 0.1 point දුරකථන අලුත්වැඩියා කිරීමට උපකාරවෙයි . මේවගේ රෝලක්
 රු 20/= වගේ ගන්න පුළුවන්  . මේකෙන් මොනවද කරන්නේ කියල මන් වෙනත් පොස්ට් එකකින් දානවා .




* තව පොඩ්ඩෙන් අමතකම වෙනවා Lead Paste ඊයම් . මේකත් 0.3 point වලින් තම ගන්න ඕනේ පොඩි වෙන්න වෙන්න පහසුයිනේ . ඊයම් රෝලක් රු 300/= ඉදන් රු 1000/= වෙනකම් වර්ගල්වලින් ගන්න පුළුවන් . මන් කියන්න ඕනේ නැනේ මේකෙන් මොනවද කරන්නේ කියල .






* Contact Cleaner  අපට දුරකතනයක කුණු දුහුවිල්ල ඔක්සයිඩ් ජලය වැනි දේ ඉවත් කරගන්න බෙහෙවින්
 අවශ්‍ය වෙනවා මේ  Contact Cleaner මේකෙත් වර්ග දෙකෙක් තියෙනවා  Oil base/ Dry මේකෙන් අපිට
 PCB මතට යොදන්නේ DRY Contact Cleaner එක තම භාවිත කරන්නේ ඒ වියලිව තියෙන්න ඕනේ නිසා
 දුරකථන පුවරුව . Contact Cleaner එකක් රු 500/= සිට 1000/= දක්වා ගන්න පුලුවන්










* මතක ඇතුව පුලුවන්නම් මුඛ ආවරණයක් ගන්න පුලුවන්නම් හොදයි . අපිට මේකත් ගොඩක් වැදගත් දෙයක් වෙනවා .



හොදයි අපි ජංගම දුරකතනයක් අලුත්වැඩියාවට අවශ්‍ය උපකරණ (Tool) ගන දැනගත්ත තවත් මේවගේ උපකරණ බොහොහ් රාශියක් අපට වෙළදපොලෙන් මිලදීගන්න පුළුවන් අපට අවශ්‍ය ආකාරයට. 
මේ පොස්ට් එකෙන් මන් පෙන්වා දුන්නේ සරල අප භාවිතා කරන උඇප කරන කිහිපයක්  . 
මෙට අමතරව විශේෂ පහසුකම් සහිත අලුත් තාක්ෂනය යොදාගත් උපකරණ ඔබට දැකගන්න පුළුවන්  ebay වැනි භාණ්ඩ අලෙවි වෙබ් අඩවි මගින් 

ඔබගේ හැකියාව ඔබගේ අවශ්‍ය තාවය කැපවීම  මත ඔබට දුරකථන අලුත්වැඩියා  කිරීමට ඇති උනන්දුව මත ඔබට ඔබේ සාර්ථකත්වය හිමි කරගන්න පුළුවන් . නැතුව ඕනවට එපාවට මොනදේ කලත් වැඩක් නෑ  දන්නවනේ යාලුවනේ.  අපිට  දැනුම කෙනෙකුගෙන් ලබා ගන්න බැරි උනත් දැනුම ලබාගන්න ඕනේ තරම් දේවල් අපිට තියෙනවා වෙබ් අඩවියක බලන්න දැන් ලෝකයේ ඕනෑම දෙයක් කරන ක්‍රම රාශියක් ඔබට නොමිලේම ඉගෙනගන්න තියෙන අවකාශය වැඩයි .





 ඔන්න යාලුවනේ දන්නේ නැති ඕන දෙයක් අහන්න මන් දන්නා දෙයක්නම් අනිව කියල දෙනවා
 gskanishka@gmail.com