Pages

DC Power Supply


DC Power Supply 


*  ඉතින් අද අපි කතාකරන්න යන්නේ DC Power Supply  ගැන මොකක්ද මේ DC Power Supply කියන්නේ ? මේකෙන් කරන්න පුළුවන් මොනවද ? DC Power Supply  එකක් ජංගම දුරකථන සදහා පමණක් භාවිතා කරන උපකරණයක්ද ? මේවගේ ගැටළු රාශියක් අලුතෙන් ඉගෙනගන්න කෙනෙකුට එනවා . ඉතින් මන් කියල දෙන්නම් මේ DC Power Supply  එකෙන් ගන්න පල ප්‍රොයෝජන මොනවද කියල 

ජංගම දුරකථන /පරිගණක /ලැප්ටොප් /විදුලි උපකරණ මේවගේ දේවල් අපිට මෙම උපකරණයෙන් පහසුවෙන් පරික්ෂ කරගන්න පුළුවන් (DC Vවිදුලියෙන් ක්‍රියාකරන උපකරණ )


DC Power Supply 

* DC Power Supply  එකක් අවශ්‍ය වන්නේ මොකටද ?

* අප දුරකතනයක් පරික්ෂාවට ලක්කරන්න අපිට මේ උපකරණය බෙහෙවින් වැදගත්වෙනවා අපිට මේකෙන් විදුලියල අවශ්‍ය පමණට  ලැබේ ද නැද්ද යන්න
නිරීක්ෂණය කරගන්න පුලුවන්න් දුරකතනයේ දෝෂ තිබේනම් අපට මෙමගින් ඉතා පහසුවෙන් සොයාගන්න පුළුවන් වැඩිපුර දෘඩාංග තමා ම

* දැන් අපි බලමු  DC Power Supply  එකක් කොහොමද  තෝරාගන්නේ කියල

* DC - Direct Current
* Power Supply - බල සැපයුම
Digital DC Power Supply 

* මේ තියෙන්නේ digital DC Power Supply  එකක් මේවගේ එකක් රු 1500 සිට රු 5000 වෙනකම් ගන්න පුළුවන් 


02.මේ තියෙන්නේ  Analog DC Power Supply  එකක් මේවගේ ඒවානම් දැන් ගොඩක් අඩුයි මේවගේ එකක් නම් රු 1500/= වගේ තම වෙන්නේ 




Analog Digital RF Power Supply


03.මේ තියෙන්නේ Analog,Digital, දෙකම තියන පවර් සප්ලයි එකක්  මේකේ තව පොඩි විශේෂ පහසුකම් *දෙකක් තියෙනවා එකක්  RF( Radio Frequency) එනිසා මේකෙන් අපිට දුරකතනයක සිග්නල් ප්‍රමාණය පරික්ෂා කරගන්න පුළුවන් 
*දෙවෙනි කාරනේ තමයි    මේකෙන් DC V පරික්ෂා කරන්න පුළුවන් ටෙස්ටෙර් එකක් වෙනම තියෙනවා 
මේවගේ එකක් වෙලදපොලේ රු 2500 සිට 5000/= විතර වෙනකන් අපිට ගන්න පුළුවන් නිෂ්පාදන නාමය අනුව මේ උපකරණ මිල ගණන් වෙනස්වෙනවා
*මීට අමතරව  ඇම්පියර් පරික්ෂාවට තියෙන්නේ ඇනලොග් පුවරුවක් තමා 



අපි බලමු කොහොමද Power Supply එක භාවිත කරන්නේ කියල 


ඉතින් අපි දන්නවනේ (+) කියන්නේ  රතු පාටින් තියෙන වයර් එක කියල( - )කියන්නේ කළු පාට වයර් එක  ඉතින් අපි මුලින්ම මේ ( + )අග්‍රය සහ ( - )අග්‍රය නිවැරදිව Power Supply එක හා  සම්බන්ද කරනවා 





*ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ අපිට අවශ්‍ය කරන විදුලිය DC Current අගය නිවැරදිව  Power Supply    එක මගින් එජස් කරගන්න එක .සාමාන්යෙන් දුරකතනයක් පනගන්වන්න DC 3.7V තමයි යොදන්නේ 
  power supply එකේ එජස්මන්ට් කහිපයක් තියෙනවා ඒ අතාරින් අපට අවශ්‍ය දරව ලබාගන්න මේ  එජස්මනන්ට් කිහිහ්පයම කරකවල බලන්න වෙනවා එතකොට තේරෙයි කොහොමද ධාරාව  සකස්කරගන්නේ කියල . හරි ධාරාවත් සකස් කරගත්තා දැන් අපි ද්‍රකතනයක් පනගන්වල බලමු .




* මතක ඇතුව සිම්පත් මෙමරි  කාඩ්පත් සම්පුර්ණයෙන් දුරකතනයෙන් ඉවත් කර පරික්ෂාවට ලක් කරන්න 

*ඔයාලට පේනවනේ මේ පොන් එක මේවගේ බැටරි පින් එකට තමයි අපි power Supply එකෙන් විදුලිය  ලබා දෙන්නේ DC 3.7V මිට වැඩිය එහෙම දෙන්න එපා හොදද 
 හරි අපි දැන් දැනගෙන තියෙන්න ඕනේ බැටරි පින් එකේ (+) මොකද්ද (-) කොයි  පින් එකද කියන එක  මාරු උනොත් පොන් එක ඕන්  වෙන්නේ නෑ .
සමහර පවර් සප්ලයි කනෙක්ටර්ස් +/- මාරු උනහම ඔටෝ රී සෙට්
(සමහරවිට බීෆ් සද්දයක් නැතිනම් බල්බයක් ඒගැන  දැනුවත් කරනවා)  වෙනවා අනිත් ඒවා අපි නිවැරදි විදිහට කනෙක්ට් කරලා power Supply එක off කරලා on  කරන්න ඕනේ .

අපි කනෙක්ටර් සවිකිරීමේදී +/- අමතරව BSI එකට අපි - වයර් එකක් කනෙක්ට් කරනවා BSI එක කියන්නේ +/- දෙකට අමතර පින් එකක් හෝ දෙකක්  සෑම දුරකතනයකම 
වගේ තියෙනවා ඒ පින් එකට තමා BSI එක කියන්නේ සමහර අවස්ථාවල දුරකතනයක් BSI එක සම්බන්ද නොකර අපිට පනගන්වන්න බෑ  ඒ අවස්ථාවල අනිවාර්යෙන්ම 
BSI එකට - කනේක්ටර් එකක් සවිකළ යුතුයි ඊට අමාතරව බැටරි තත්ත්ව දැනගැනීමට මේ BSI එක අවශ්‍ය වෙනවා තවත් දෙයක් සිම් පත වැඩ නොකරන්නේද සමහර දුරකතනවල

 මේ BSI එක සම්බන්ද දෝෂ වලදී මේවගේ  නව තාක්ෂනයන් දුරකථන සමගම විසින් ඔවුන්ටම විශේෂ වූ  දේවල් යොදා ගන්නවා BSI එක පමණක් නොව සෑම දේකදිම වගේ . 
* අපි දැන් power supply  කනෙක්ට් කරලා දුරකථනය පනගන්වනවා දැන් තම වැඩේ තියෙන්නේ
අපි කොහොමද මේ උපකරණයෙන් දෝෂ අදුනගන්නේ ?

අපි දන්නවනේ ඇම්පියර් (A) .ඇම්පියර් වලින් තමයි දුරකතනයේ දෝෂ හොයන්ගන්න පුළුවන් ගොඩක් වෙලාවට . හරි පොන් එක දැන් ඕන්  කරලා  ටික වෙලාවක් තියෙන්න දෙන්න Standby වෙනකම් එකියන්නේ  Display light ඔෆ් වෙලා සම්පුර්ණ ස්ටෑන්ඩ්බයි  වෙනකම් තියල අලන්න ඇම්පියර් කොයිතරම් ගන්නවද කියල . Standby තත්වයේදී සාමාන්යෙන් ඇම්පියර් 0.01 සිට 0.05 දක්වා අගයක් ගැනීම සාමාන්‍ය දෙයක් . මීටවඩා  වැඩියෙන් ගන්නවානම් දුරකතනයේ දෝෂයක් වෙන්න පුළුවන් .
දුරකථන ස්වභාවය අනුව Standby වෙන්න ගතවන කාලය අඩු වැඩි වෙන්න පුළුවන් 
100% පරික්ෂා කිරීමේදී කෙලින්ම නිගමනයකට එළබෙන්න බෑ අපිට මොකද හදිස්සියේ දුරකතනයක දෝෂ අදුන ගැනීමට අපහසු වන නිසා . 

මුලින්ම හොද තත්වයේ දුරකථන පරික්ෂාවට ලක් කරලා බලන්න . දෝෂ සහිත දුරකථන පරික්ෂා කර බලන්න පසුව ඔබටම වටහාගන්න පුළුවන් නිගමනයකට එළබෙන්නේ කොහමද  කියල . 



ඉතින් එහෙනම් ඔන්න මන් සරල විදිහට DC Power supply  එකක් භාවිත කරන්නේ කොහමද  කියල දුන්න . සමහර විට මේකේ අඩුපාඩුත් ඇති ඉතින් අපැහැදිලි තේරුම්ගන්න අපහසු දෙයක් තියෙනවනම් 
මගෙන් අහන්න gskanishka@gmail.com   මෙන්න මගේ විද්‍යුත් ලිපිනය . 
මේ තියෙන්නේ FB Group එක අපේ https://www.facebook.com/groups/1681461375398617/

ඉතින් අඩුපාඩුවක් තියෙනවනම් අනිවාර කියන්න