Pages

ඔබ ප්‍රොසෙසර් ගැන දැනුවත්ද ? (You are aware of processors)


ඔබ  ප්‍රොසෙසර් ගැන දැනුවත්ද ? (You are aware of processors)







* අද මන් සරලව පරිගණක ප්‍රොසෙසර් ගැන කියන්න යන්නේ 

ප්‍රොසෙසර් එකක් මුලිකම දේ තමයි ට්‍රාන්සිසිස්ටර් මේ ට්‍රාන්සිස්ටර් වලින් තමා ප්‍රොසෙසර් එක ක්‍රියා
කරන්නේ මේ ට්‍රාන්සිස්ටර් එකක් සාමාන්යෙන් ගොඩාක් කුඩාවට තම සකසන්නේ සාමාන්යෙන් මේක මනින්නේ නැනෝ මීටර වලින් එතරම් කුඩාවට මේ ට්‍රාන්සිස්ටර සකසන්නේ නැනෝ මීටරයක් කියන්නේ කෙස් ගසකින් ලක්ෂයකින් පංගුවක් තමයි හිතාගන්න පුළුවන්නේ කොයි තරම් මේ ට්‍රාන්සිස්ටර් එකක් 
කුඩාද කියල ඇසට පෙනෙන්නේ නැති තරම් 


* ඔබට පේනවනේ මේ කාසිය තියල තියෙනවා ඒ කාසිය යටින් තියෙන්නේ ප්‍රොසෙසර කුඩා කැබලි වලට වෙන් කලාම තමා තනි ප්‍රොසෙසර් එකක් වෙන්නේ  ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ ප්‍රොසෙසර්
 එකක ප්‍රමාණය කොයිතරම් කුඩාද කියල ඒවගේම දැන් තේරෙනවනේ ට්‍රාන්සිසිටර් එකක් ඇසට නොපෙනන බව 

* සාමාන්යෙන් ප්‍රොසෙසරයක මේ ට්‍රාන්සිස්ටර කොටි ගණනක් අඩංගු වෙනවා 
* මේ ට්‍රාන්සිස්ටර වැඩි වෙන්න වැඩි වෙන්න තමා ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩිවෙන්නේ 




* දැනට අලුත්ම ප්‍රොසෙසරය වන Intel Core i7 6th Generation  ට්‍රාන්සිස්ටරයක් නැනෝ මීටර 14 ක් තරම් අඩු පරතරයක තමයි අසුරලා තියෙන්නේ 

* මුලින්ම නිකුත් කරපු Intel Core i7 1st Generation ප්‍රොසෙසරයේ ට්‍රාන්සිස්ටරයක් නැනෝ මීටර  45 ප්‍රමාණයකට තමයි අවේ 
ඒවගේ ප්‍රොසෙසර පරම්පරාවෙන් පරම්පරාවට මේවගේ අලත් තාක්ෂණය යොදා ගනිමින් අඩු ඉඩක වැඩි ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් අසුරලා තමා කාර්යක්ෂමතාවය වැඩි කරන්නේ 


* ඔයාලට පේනවනේ මේ වගුවේ දත්ත වලින්ම කාලෙන් කාලෙට අලුත් තාක්ෂණය යොදාගෙන 
   අඩු ඉඩක වැඩි ට්‍රාන්සිස්ටර අසිරිම සදහා නැනොමිටර අවමය දක්වා සකස්කරලා තියෙනවා
   නැනොමිටර 65 සිට අද වෙනකොට නැනොමිටර 14 දක්වා අඩු අගයක් දක්වා වැඩි දියුණු කරලා
   තියෙනවා  ඔයාලට මේ වගුවෙන් තෙරුන් ගන්න පුළුවන් පහසුවෙන්ම 

* ඒවගේම මේ හැම ප්‍රොසෙසරයකටම කේත නාමයක් තියෙනවා (Code Name ) 
* ඒවගේම ඕනෑම ප්‍රොසෙසරයක් පරමපරාවකට (Generation) අයත් වෙනවා 

*  මේවගේ ප්‍රොසෙසරයක් මිලදී ගැනීමේදී මේ ප්‍රොසෙසරයේ තාක්ෂණය ක්‍රියාකාරී බව මේ සම දෙයම 
  අපි බලන්න ඕනේ 

* ප්‍රොසෙසරයක L1/ L2 / L3 Cache Memory වැඩි වන තරමට ක්‍රියාකාරිත්වයේදී උපරිම වේගයක් ලබා 
   දෙන්නේ 
* ඒවගේම ඔබ දන්නවා  Dual Cor/ Quad Cor / Octa Core මේවගේ Core ප්‍රමාණයන් අන්තර්ගත වෙනව
  ඒ අතරින් වැඩි  Core ප්‍රමාණයක් අඩංගුවන ප්‍රොසෙසරයක් වැඩි කාර්යක්ෂම තාවකින් යුක්ත වෙනවා .




*  මේ වගුවෙන් ඔයාලට පැහැදිලි වෙනවනේ ප්‍රොසෙසරයක  Core  අන්තර්ගතය 


ඉතින් මන් මේ පරිගණක ප්‍රොසෙසර ගනතම අද ඔයාලට සරලව කිව්වේ මොනවා හරි දෙයක් දැනගන්න ඕනෙනම් ම්ජගෙන් අහන්න . මන් වැඩිය සංකිර්ණව කිව්වේ නැත්තේ අලුතෙන් කෙනක් දෙයක් 
ඉගෙනගන්නකොට සංකිර්ණව කිව්වම ඕනෑම කෙනෙක්ට එපා වෙනවා සරලව කිව්වම සංකීර්ණ 
දෙයක් උනත් පහුවෙලා හරි ඒ කෙනා ඉගෙනගන්නවා . .
ඉතින් හැමෝටම ජය