Pages

ඔබේ පරිගණකයත් පිරිසිදුව තබාගන්න (Keep your computer clean)


ඔබේ පරිගණකයත් පිරිසිදුව තබාගන්න (Keep your computer clean)


ඇයි අපි පරිගණකය පිරිසිදුව තබන්නේ ? 
කොහොමද අපි පරිගණකයක් ගෙදරදීම සර්විස් කරගන්නේ පහසුවෙන්  ?

Keep Clean 



ඉතින් එහෙනම් කතාවට බහිමුකො මන් කරන්නේ පරගණක ලැප්ටොප් ජංගම දුරකටහන අලුත්වැඩියාව 
ඉත්න් මන් ගොඩක් දැකපු දෙයක් තමයි කවුරු පරිගණකයක් හදන්න ගෙනාවත් ගත්ත දවසේ ඉදලනම් එකම දවසක්වත් සර්විස් පාරක් දල නෑ කියන එක අඩුම තරමේ දුහුවිල්ල ටිකක්වත් පිහිදාල නෑ 

මන් ඉත්න් මුලින්ම කරන්නේ ඉත්න් ලෙඩේ මොකද්ද කියල බලනවා බැලුවම ඉතින් මේක සර්විස් කරලා නෑ හත් අවුරුද්දකට ඉත්න් වැඩ කරයිද ? 


අපිට ලැබෙන වාසි මොනවද මේකෙන් ?

* පරිගණකය කාර්යක්ෂම වීම
* විදුලිය බලය  අවම වීම
* දෝෂ සහගත තත්වයන් අඩුවීම
* මුදල් හා කාලය ඉතුරුවීම
* උපාංග වල ආයු කාලය වැඩිවීම


ඉතින් ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි එත් දෝෂයක් පැන නැගුනු වෙලාවට තමා මතක් වෙන්නේ පරිගණකය පිරිසිදුව තියනොගන්න එකේ වටිනාකම . ඒවගේම දෝෂ නිරාකරණය කරගන්න ලොකු වියදමක් කරන්න උනාම තම මතක් වෙන්නේ නේද . 


ඔන්න ඉතින් වැඩ කරනකොට එනවනේ එක එක ජාතියේ වැඩ ඉත්න් මන් ඔක්කොම විස්තරේ අහල තම වැඩේට බහින්නේ මොකද නැත්නම් ලෙඩේට බෙහෙත හොයාගන්න බැරිවෙනවනේ  ඉතින් මුලින්ම බලන්නේ මේක පරිහරණය කොහොමද කියල . ඉත්න් අහන්න දෙයක් නෑ  අන්තිමයි බැලුවම එත් අලුතෙන් ගෙනල්ල පාවිච්චි කරලත් නෑ කැඩිලා කියල තම කියන්නේ ගොඩක් අය . ඔන්න මේ ලදී ගෙනාව පිසි එකක් 
ඉත්න් බැලුවම මේකේ  Graphic Card  එක වැඩ කරන්නේ නෑ මන් ඉතින් බැලුව ඕන කරලා නෑ ඕන් වෙන්නේ Display එකට එන්නේ නෑ   මොකුත් ඕන කජ්ජක් කියල ගලෝල බැලුව ඇතුල ටවර් එකේ ආයි කියන්න දෙයක් නෑ හත් අවුරුද්දක් සුද්ද කරලා නෑ .( මාත් ඉතින් අසම වැඩේ මේ සුද්ද කරන එක  කොම්පියුටර් ඉතින් හැමදාම කරනදෙනේ) ඔන්න ඉතින් සම්පුර්ණයෙන් ගැලෙව්වා ඔක්කොම ගලෝල මුලක ඉදන් සර්විස් කළා කරලා ඔක්කොම අපහු සෙට් කරලා දල පෙන්නුවා ඔන්න ඉත්න් ඒ පාර අහනවා මේ දුවිල්ල හින්දද මෙහෙම උනේ කියල . 

pc Repair


*  පේනවනේ  CPU  එකේ තියෙන දුවිල්ල මේවගේ උනාම වැඩ කරයිද ?


දුවිල්ලෙන් ගොඩක් හානි සිද්ද වෙනවා අපේ පරිඟණකයට අපි හිතුවේ නැති උනාට 

* හරි අපි බලමු කොහොමද අපි පරිගණකයක් ගෙදරදීම සර්විස් කරගන්නේ පහසුවෙන් ඉතින් අපි බලමු අපිට 
 මොනවද අවශ්‍ය වන්නේ කියල 

මුලින්ම අපි විදුලි බල අනිවාර්යෙන්ම විසන්දි කරලා තම වැඩේට බහින්න ඕනේ 


* ඉතින් අපිට මුලින්ම ඕනේ වෙනවා මේවගේ screwdriver  එකක් 



* ඉත්න් අපිට පුළුවන් මේවගේ Smooth ටූත් බ්‍රෂ් එකක් යොදා  ගන්න.  අපි Smooth  එකක් යොදාගන්නේ 
   අපි භාවිත කරන්නේ පරිගණකයේ ඇතුලට කොටස් වල දුවිල්ල ඉවත් කරන්න එකෙන් පරිගණකයේ              කොටස් වලට හානියක් නොවෙන්න තමයි අපි Smooth  එකක් යොදා ගන්නේ 



* තව මේවගේ බ්‍රෂ් එකක් යොදාගන්නත් පුළුවන්  

* අපිට තව යොදාගන්න පුළුවන් රෙදි කැබැල්ලක් බ්‍රෂ් එකෙන් පිරිසිදු කලාට පස්සේ රෙදි කැබැල්ල යොදාගන්න පුළුවන් අපිට 


* මේවගේ  Blower  එකක් භාවිත කරන්නත් පුළුවන් . මේවගේ ඒවානම් හැමොගාවම නැනේ .
අපිට මේවගේ බ්ලොවර්  එකකින් පරිගණකයක් ඇතුලත පිරිසිදු කරනවානම් අනිවාර්යෙන් අපි දැනගෙන ඉන්න ඕනේ කරුණක් තියෙනවා මේකෙන් සුළග වේගයෙන් පතිත කරවන්න පුළුවන්නේ ඒවගේම මේකෙන් පරිගණකයට හානි සිද්දවෙන්නත් පුළුවන් එක නොවෙන්න වග බලාගන්න ඕනේ . මන් කියන්නම් ඒ මොකද්ද කියල පරිගණකයේ  Fan  තියෙනවනේ අපි Fan එක සම්බන්ද වන වයර් ගලවන්නේ නැතුව බ්ලොවෙර් එකෙන් ඇල්ලුවොත් මේ Fan කැරකෙන්න පටන් ගන්නවා ඒවගේම  තමයි මේ Fan ඇතුලේ කාන්දම් තමයි තියෙන්නේ ඉතින් Fan කැරකෙනකොට විදුලියක්  හටගන්න පටන් ගන්නවා (විද්‍යුත් චුම්බක බලයක්) එක අර අපි ගලොපු නැති  පෙණු හරහා මවුපුවරුවට  ගමන් කරනවා මේ නිසා මවුපුවරුවේ දෝෂ හටගන්නා පුළුවන් . ඉතින් මතක ඇතුව අපි ගැලෙව්වේ නැති උනත් මේ Fan කැරකෙන්නේ නැතිවෙන්න කාඩ්බෝඩ් කැබැල්ලක් නවල ඒ අතරින් සිර කරලා තැබුවත් හරි .




* ඇයි කුණු දුහුවිල්ල පරිගණකයට අහිතකර ?

  පරිගණකය කියන්නේ විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් ඉතින් මේක ක්‍රියා කරනකොට රත්වෙනවා
  ඒවගේම මේ පරිගණකය සිසිල් කරන්න Fan සවිකරලා තියෙනවා . ඉතින් මේ Fan වල කාර්යභාරය තම         පරිගණක සිසිල්ව තබාගැනීම . ඉත්න් මේ කුණු දුහුවිල්ල පංකා වලට දැඩි තර්ජනක් වෙනවා බලන්න
  මේ උඩ පින්තුරේ දිහා එකේ පංකාව සම්පුර්ණයෙන්ම දුහුවිල්ල බැදිලා මේ පංකාව ක්‍රියාකාරී උනත් 
  හීට් සින්ක් එක හරිහා ප්‍රොසෙසරයට සිසිලස සපයන්න ඕනේ . එත් මේ දුහුවිල්ල නිසා මේ පන්කාවෙන් ලබා   දෙන සුලගෙහි අඩුවක් කරනු ලබනවා ඒ දුහුවිල්ල බාදකයක් වෙනවා ඒ අතරට  

පරිගණක මෘදුකාංග තියෙනව පරිගණකයේ ඇති උෂ්ණත්වය මනින්න අපිට පුළුවන් මෙමගින් පරිගණකයේ උෂ්ණත්වය මැනගන්න ප්‍රොසෙසරය, රැම්, මවුපුවරුව, හර්ඩ් ඩිස්ක් ධාවකයේ මේවගේ දේවල් වල මෘදුකාංග මගින් අපිට පහසුවෙන් දැනගන්න පුළුවන් . ඉත්න් ඕවගේ වැඩක් කරලා බැලුව මන් සාමාන්යෙන් මගෙ PC එකේ උෂ්ණත්වය 41 °C වගේ තමයි  තියෙන්නේ වැඩක් කරන්නේ නැති වෙලාවට මන්  සර්විස් පාරක් දාල සම්පුර්ණයෙන් බැලුව  බැලුවම 37 °C වෙනකම් අඩු උනා ඉතින් සැහෙන්න වෙනසක් මන් මේදේ අනිවාර්යෙන් බලනවා ගොඩක් PC සර්විස් කලාම .



http://www.piriform.com/speccy මේ තියෙන්නේ ඒවගේ මෘදුකාංගයක් මේකෙන් පහසුවෙන්ම අපේ පරිගණකයේ උෂ්ණත්වය මැනගන්න පුළුවන් 




* මේකත් ගොඩක් වෙලාවට ඕනේ වෙනවා ගොඩක් වෙලාවට ඔක්සයිඩ් බැදුනම කන්ටැක්ට් ක්ලිනර් අවශ්‍ය වෙනවා මේකෙන් ඉක්මනට සාර්ථකව ඔක්සිය්ඩ් ඉවත් කරගන්න පුළුවන් එකත් DRY Contact Cleaner  එකක් ගන්න හොදද . නැත්නම්  Oil Base  එහෙම ගන්න එපා . මේකෙන් RAM Card/ Slot / IC  මේවගේ දේවල් වල ඔක්සයිඩ් ඉවත් කරගන්න පුළුවන් 


ඉතින් මන් පොඩි වැඩක් කතා කරලා බලන්න ගියා  PC  එකක් බලන්න ගියේ අදුරන කෙනෙක්ගේ වැඩකට ගියහම ඉත්න් කෙනෙක් කලින් බලල ගොඩක් බය කරලා ඔන් කරන්නවත් එපා  RAM එක පිච්චෙන්න පුළුවන් එක නිසා ඕන කරන්න එපා කියල . ඇහුව මන් මොකද්ද  උනේ කියල   Monitor එක ඉරි වගයක් යනවලු ඉතින් බලන්න RAM CARDS මේවගේ දෙකදී ගැටළුවක්  වෙයිද ? නැනේ  ඉතින් ඔන්න දැන් PC  ඕන කරන්නත් බයයි ඉතින් මටත් දමා ගහල එන්න හිතුන  එත් බෑ නේ  අදුරන කෙනානේ කතා කලේ ඔන්න දැන් අයිති කරය බයේ කියනවා අර කලින් රෙපෙයාර් කෙනා කිව්වා ඒව ඔන්න දැන් මව එක්කන් ගිය කෙනා කිව්වා මව ෂුවර් ඕන දෙකට බලන්න කියල ඔන්න ඉතින් මන් බැලුව මොකද්ද වෙලා තිබුනේ  VGA Cable  එකේ ඔක්සයිඩ් බැදිලා පින් පහහයකම ඉතින් මන් සුද්ද කරලා කිව්වා දල බලන්න කියල ඔන්න දාල බැලුව බැලුවම හොදට වැඩ ඉතින් ඇහුව මොකද්ද ලෙඩේ කියල මන් ඉතින් තේරුම් කරලා දුන්න * ඔන්න ඉතින් කලින් හදන්න අපු කෙනාගේ තත්වේ කියල  මොකද අපි කීයක් හරි හොයාගන්නේ අපේ රස්සාවෙන් එක හරියට කරන්න අපි දැනගන්න ඕනේ කාවවත් රවට්ටලා දෙයක් ගත්තට හරියන්නේ නෑ . ඔයාලට තේරෙනවනේ දන්නැති කෙනෙක් දෙයක් කරගන්න ගියාම ඒ කෙනාව ගොඩක් තැන්වල රවට්ටලා තමයි ඒ දේ කරලා දෙන්නේ ඉතින් අපි ලේසියෙන් පහසුවෙන් අපිටම කරගන්න පුළුවන් දේවල් වලට ඇයි වැඩියෙන් ගෙවන්නේ .  






* මේ විදිහට අපිට බ්‍රෂ් එකකින් පරිගණකයේ ඇතුලත කොටස් සුද්ද කරගන්න පුළුවන් 





  *මේ පේනවනේ කලින් තිබුන විදිහයි  සුද්ද කලාම තියෙන විදිහයි 



* තවදෙයක් තමයි මේ දුහුවිල්ල වැඩිවෙන තරමට විදුලිය අපතේ යාමද වැඩයි 

*දුහුවිල්ල  නිසා විදුලිය පිටතට පැමිණීමට පවා පුළුවන් 







* දුහුවිල්ල පිස දැමීමේදී  මුඛ අවරනයක් පලදිනවානම් ගොඩක් හොදයි මොකද ඉතා සියුම් දුහුවිලි අංශු ඔබගේ    පෙනහළු වලට ඇතුළු වෙන්න පුළුවන් ඒවගේම මේ දුහුවිලි අංශු විස සහිත බැවින් 


ඉතින් යාලුවනේ මන් පරිගනකයක් කොහොමද පිරිසිදුව තබන්නේ කියල තමයි කියල දුන්නේ  ඒවගේම දිගුකල් පැවැත්මට කොතරම බලපානවද මේ දුහුවිල්ල කියල දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ 






ඕන් දන්නැති දෙයක් තියෙනවනම් අහන්න මන් දන්නා ඕන දෙයක් කියල දෙන්නම් සරල විදිහට තම මන් මේ පොස්ට් එක දැම්මේ කටත් පහසුවෙන්න